Monday, April 19, 2010

මන්ද අනාවරණය under expose Photoshop ඇසුරින් නිවැරදි කර ගනිමු

අලුත් පෝසට් එකක් ලියන්න ඕනෙ කියල හිතුවට ලියන්න හොද දෙයක් ලැබුනේ නෑ.ඉතින කවුරුත් දන්න Photoshop වලින් ගන්න පුලුවන් පොඩි ප්‍රයෝජනවත් වැඩක් ගැන ලියන්න හිතුනා.අපි බොහෝ දෙනෙක් photoshop ගැන නම් දන්නවානේ.ඒත් බලන්නකෝ මේකත් ප්‍රයෝජනවත් වෙයි.
අද ගොඩක් දෙනෙක් Digital Camera ,එහෙමත් නැත්නම් Camera phone වලින් ඡායාරූප ගන්නවා.හැබැයි ‍ගොඩක් දුරට මේ පින්තූර වල contrast brigtness අඩුයි Photography කරන අය නම් දන්නවා මේකට කියන්නේ මන්ද අණාවරනය එහෙමත් නැත්නම් අන්ඩර් එක්ස්පෝස් කියලා.photoshop වල තියෙන adjusment වලිනුත් මේක හදාගන්න ටිකක් අමාරුයි.හැබැයි අපට මේක නිවැරදි කරගන්න පොඩි ක්‍රමයක් තියන‍වා.මේකෙදි මම photoshop cs2 වලින් මේක කර ගන්න හැටි කියල දෙන්නම්.CS3 තවමත් මට ගොඩක් පාවිච්චි කරන්න ලැබුනේ නැහැ.මොකද මෙහෙට ආවට පස්සේ මට graphic වලට කාලය වැඩිය යොදන්න බැරි උනා.මම මොනවා හරි අවශ්‍යතාවයක් ආවොත් දැනටත් CS2 තමයි භාවිතා කරන්නේ.CS3 වලත් මේ ක්‍රමයේ වැඩි වෙනසක් නෑ මම හිතන්නේ.
මුලින්ම ඔබට අවශ්‍ය පින්තූරය Photoshop වලින් open කරගන්න.ඉන්පසු ලේයර් පැලට් එක වෙත ගොස් එහි duplicate copy එකක් ලබාගන්න.




ඉන්පසු මෙහි ඇති ඔප්ෂන් වලින් screen යන ඔප්ෂන් එක තෝරන්න



ඉන් පසු ඔබට එම පිනතූරයෙහි සිදුවන වෙනස බලා ගත හැකිය.



මෙහිදී අධික ලෙස අණාවරනය වැඩි වේ නම්,එනම් අධි අනාවරණ over exporse වූ පින්තූරයක ආකාරය ගනීනම් එම ලේය‍රයෙහි opacity එක අඩක් දක්වා අඩුකරන්න.තව දුරටත් අවශ්‍යනම් තවත් එනම් 25% පමන දක්වා ඔබට අවශ්‍ය ප්‍රතිපලය ලැබෙන තුරු එහි opacity එක වෙනස් කරගන්න.
ඉන්පසු මෙම duplicate layer එක merge down කර තනි ලේයරයක් බවට පත්කර ගන්න. මින් පසු මෙම ඡායාරූපයෙහි තවත් නිවැරදි කරගැනීම සදහා පහත දැකවෙන වෙනස් කම් සිදු කරන්න.මෙමගින් ඔබට මෙම ඡා‍යාරූපයෙහි brightness සහ sharpness ද මදක් වැඩි කර හොද පෙනුමක් ලබා ගත හැක.
මෙහිදී නැවතත් මුල් ආකාරයටම ඔබ ‍තනි ලේයරයක් බවට පත් කර ගත් ඉමේජ් එකෙහි ඩුප්ලිකේට් කොපි එකක් ලබා ගන්න.ඉන්පසු කලින් ආකාරයටම ඔප්ෂන් වලට ගොස් soft light යන ඔප්ෂන් එක තෝරන්න.එහි opacity එක 25% පමණ යොදන්න නමුත් මෙහිදී ඔබ භාවිතා කරන ඡායාරූපයෙ ස්වභාවය අනුව මෙම ප්‍රමාණය වෙනස් වේ අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන තුරු opacity එක වෙනස් කර සියලුම ලේයර තනි ලේයරයක් බවට පත් කර ගන්න එනම් merge down කර ගන්න.
ඉන්පසු ඔබට අවශ්‍ය format එකකට මෙම ඡායාරූපය සේව් කරගන්න. මෙහිදී මා භාවිතා කලේ Nokia N79 එකකින් ගන්නා ලද ඡායාරූපයකි මේ ආකාරයට සිදු කල පසු එහි වෙනස බලන්න


3 comments:

  1. වැදගත් ලිපියක් හොදට පැහැදිලි කරලා තියෙනවා.

    ReplyDelete
  2. elaaaazzzzzzzzzzzz

    ReplyDelete