Saturday, April 17, 2010

CD නොමැතිව WINDOWS Install කරන‍‍්නෙ මෙහෙමයි.

කලින ලියපු පෝස්ට් වලට ප්‍රතිචාර කිහිපයක් ලැබිල තිබුන.ඒ ‍හැමෝටම ස්තූතිය.තවත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන දෙයක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක නම් කිහිප වරයි අත්හදා බැලුවේ.සමහර අවස්ථාවල හරියට වැඩකලත් තවත් අවස්ථාවල වැරදුනා.උත්සහ කරලම බලන්න.
මේකෙදි කරන්නේ අපි හැමෝම දන්න CD වෙනුවට USB flash disk එකක් භාවිතා කරන එකයි.හැබැයි මේ flash disk එක ප්‍රථමයෙන් මේ සදහා හැඩසවා ගන්න එහෙමත් නැත්නම් ෆෝමැට් කර ගන්න වෙනවා.මෙහිදී මා දන්න විදියට නම් කරන්නෙ flash drive එක bootable disk එකක් විදියට සකස් කරන එකයි.මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ netbook computer පාවිච්චි කරන අයට තමයි. මොකද සියලුම netbook එන්නෙ cd rom නැතිවයි.හැබැයි ප්‍රථමයෙන් cd rom සහිත පරිගනකයක සහය මේකට ලබා ගන්න වෙනවා.මොකද XP CD එකේ සියලුම දත්ත මේ flash එකට කොපි කරන්න අපට සිද්ධ වෙනවා. XP විතරක් නෙමෙයි වින්ඩෝස් 7 මේ විදියට ඉන්ස‍්ටෝල් කරන්න පුලුවන් මම දන්න විදිහට නම්.හැබැයි මම අත්හදා බලල නම් නෑ.මුලින්ම මේ වෙනුවෙන් 4GB පමන ෆ්ලෑෂ් එකක් හොයාගන්න ඉන් පස්සේ මම පහත දක්වලා තියන ලින්ක් එක හරහා ගිහින් තියෙන උපදෙස් පිලිපදින්න.මේකත් තව බ්ලොග් සයි‍‍ට් එකක්.හැබැයි අවශ්‍ය සියලුම පියවරවල් එහි දක්වලා තියෙනවාපින්තූරත එක්කම.මෙන්න ලින්ක් එක.
http://komku.blogspot.com/2008/11/install-windows-xp-using-usb-flash-disk.html
ඔයාලගෙ අත්දැකීම් මට දන්වන්නකො අවශ්‍ය උනොත් මේ ගැන තව මම දන්න තොරතුරු ඉදිරියේදි තව පෝස්ට් එකකින් ලියන්නම්කෝ

6 comments:

  1. මම මේ විදියට XP install කරලා තියනවා. වැඩේ හරි ගියානේ!
    මේ විදියට උබුන්ටු වගේ එකක් install කරන්න බැරිද?

    ReplyDelete
  2. කිසිම ගින්නක් නැතුව Ubuntu install කරන්න පුලුවන්

    ReplyDelete
  3. මේක මම පාවිච්චි කරලා තියෙනවා,...ලැපේ රොම් එක වැඩ නෑ..මේකෙන් තමයි කර ගත්තේ... :)ඒ වගේ වෙලාවල්වලටනම් ගින්දර...
    සමහර් වෙලවට පොඩි පොඩි අවුල් එනවා... hall.dll missing වගේ errors..තව එක මේකෙන් දෙන software එකෙන් pen eka format කරන්නත් බැරි වෙලවල් එනවා...

    ReplyDelete
  4. ආහ්..තව එකක්..මම 1GB එකක් කරලා ත්මයි මේකේ විදිහට XP දැම්මේ...
    :)

    ReplyDelete
  5. @Anuranga>> එළ! එළ!! තැන්කූ වේවා!

    ReplyDelete
  6. මේක XP, Vista, 7 හා Linux ඒවට කරන්න පුලුවන්
    පොඩි ටූල් තියෙන්නෙ
    ලිනක්ස්
    http://unetbootin.sourceforge.net/

    Vista හා 7
    http://store.microsoft.com/Help/ISO-Tool

    XP
    http://www.mediafire.com/?nefyzniizmj

    ReplyDelete