Thursday, April 22, 2010

Laptop එකක් ගන්නවනම් මෙන්න උපදෙස් ටිකක්

ලැප්ටොප් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවද?එහෙනම් මේ පෝසට් එක කියවල බලන්නකෝ.මම ලැප්ටොප් ගැන මහා ගොඩක් දන්නේ නම් නෑ හැබැයි දන්න ටිකෙන් ලැප් එකක් ගන්න බලා පොරොත්තු වෙන කෙනෙකුට උපදෙසක් දෙන්න පුලුවන් වෙයි කියල මම හිතනවා.ඇත්තම කියන්නම්කෝ ලංකාවෙදි නම් මම ලැප් එකක් දහ පාරකට වඩා පාවිච්චි කරලා තිබුනේ නෑ.හැබැයි මෙහෙ ආවට පස්සෙ ඒක වෙනස් උනා.මෙහෙ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ලැප් ‍ටොප්,කොටින්ම කියනවනම් අවුරුදු 12-15 ව්තර ඉදලා ගොඩක් දෙනෙක් ලැප් තමයි .හැබැයි ඉතින් මෙයාලා ඒකෙන් ගන්න එකම වැඩේ තමයි චැට් කරන එක windows live massenger ඇ‍‍රුනම එයිට වැඩිය දෙයක් ගැන දන්න කෙනෙක් හිටියොත් ඒ 10% විතර තමයි.මගේ ප්‍රධාන රැකියාවට අමතරව මම තව part time job එකක් කරනවා.ඒ Computer shop එකක.මෙතෙන්ට 90% ක්ම රෙපෙයාර් වලට ගේන්නෙ ලැප‍් තමයි.මේ පින්තූරේ මම වැඩකරන shop එකේ ගත්තු එකක්. දවසකට ලැප් කීයක් රෙපෙයාර් එනවද කියල දැක්කම හිතාගන්න පුලුවන්නේ.හැබැයි 95% විතර software කේස් තමයි.



දවසකට අපි ලැප් 12-15 විතර ‍ෆෝමැට් කරනවා‍.ඒ අතරේ Display,Ram,Keybord,Hard disk ප්‍රශ්න තියෙන ඒවත් එනවා.මෙහෙ මේ පාට්ස් වල ගානත් මම කියන්නම්කෝ.ලංකාවේ ගානත් එක්ක සංසන්දනය කරල බලන්නකෝ
Display Panel එක සාමන්‍යයෙන් සවුදි රියාල් 400-450 ලංකාවෙ මුදලින් රු.12000 - 13500 ක් විතර
Ram-2Gb සවුදි රියාල් 185 ක් (රු 5500 ක්)පමණ
Keybord සවුදි රියාල් 150ක්(රු 4500 ක් )පමණ
Hard disk 250Gb රියාල් 180 / 320Gb රියාල් 250 ලංකාවේ මුදලින රු 5500,රු 7500ක් පමණ තමයි වෙන්නේ
මේ ගනන් කිව්වේ ඔයාලට ‍දල අදහසක් ගන්නයි
ලංකාවේ නම් මම හිතන්නෙ ලැප්ටොප් ස්පෙයා පාට්ස් මේ ගානට ගන්න තියා හිතන්නවත් බෑ මම හිතන්නේ
හරි අපි ‍ආපහු මාතෘකාවට එමුකෝ.මම දන්න විදියට නම් දැනට මෙහෙ භාවිතා වෙන අල්ත්ම ප්‍රොසෙසර් එක තමයි Core i7
මම මේ දක්වලා තියෙන්නේ core i7 ප්‍රොසෙසර් එක සහිත අලුත්ම ලැප් එකක කන්ෆිගරේෂන් එක
Sony VAIO Laptop with Intel Core i7 (VPCF115FM/B)

Intel Core i7 (720QM) 1.6GHz
64-bit CPU with 6 MB of Intel SmartCache (L3) and built using a 45 nm process.
6 GB of DDR3 RAM (expandability up to 8 GB.)
16.4″ high-definition widescreen display with 1920 x 1080 resolution
Blu-ray Disc-enabled DVD±RW/CD-RW
NVIDIA GeForce GT 330M graphics which eatures 1GB dedicated video memory and up to 3831MB total available video memory (using shared).
A 500 GB Serial ATA (SATA) hard drive

මම හිතන විදියට මේ කන්ෆිගරේෂන් එක තියෙන sony brand එකේ ලැප් එකක් මෙහෙ මුදලින SR 6000-7000 ක් විතර
වෙනවා.ලංකාවේ මුදලින් නම් රු 180000ක් 210000ක් විතර මුදලක් සාමාන්‍ය කෙනෙකුට නම් ටිකක් දරන්න අමාරුයි.මේක මෙහෙ
වෙළද පොලේ වටිනා කමනේ.ලංකාවෙ නම් මේ මුදලට ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.හරි අපි මේක ටිකක් අමතක කරමුකෝ.
මම කියන්න හදපු දේ කියන්නම්කෝ.තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට ආර්ථිකයට ගැලපෙන configuartion එකක් තෝරගන්න එක
තමන්ගේ වැඩක්.
ඉතින් මට තියෙන අත්දැකීම් වල විදියටනම් දැනට මට හම්බවෙලා තියෙන හොදම brand එක තමයි sony හැබැයි ඉතින් මිල
නම් අධිකයි.මිල අධික උනාට ගින්දර වගේ තමයි
ඊලගට Toshiba මේකත් sony වගේම තමයි.හැබැයි මිල ටිකක් දරන්න පුලුවන්.
HP මේ 2 පස්සෙ තියෙන තවත් හොද brand එකක් හැබැයි මම දන්න විදියට ටිකක් ලෙඩ දෙන්න බලනවා.වි‍ශේෂයෙන් ඩ්‍රයිවර් හොයා ගන්න
ගියාම තමයි එපා වෙන‍්නේ.
Dell,Acer,Asus,LG මේ ඔක්කොම එකම මට්ටමේ තමයි තියෙන්නේ.Fujitsu Siemense හොදයි නමුත් හොද කන්ෆිගරේෂන්
එකක් තෝරාගන්න ඕනේ.දැන්නම් අලුත් අලුත් company ගොඩක් අලුතෙන් ලැප්ටොප් Market එකට දාලා තියෙනවා.අලුත් කිව්වට අලුත්මත්
නෑ නම් විතරයි අලුත වෙලා තියෙන්නේ මේ විදියට අලුතෙන් ආපු බ්‍රෑන්ඩ් 2ක් තමයි E-mashine (Acer) සහ Packard bel
මොන brand එකෙන් ගත්තත් කමක් නෑ. මෙතෙන්දි වැදගත්ම දේ තමයි තමන්ගේ අවශ්‍යතාවය.සාමාන්‍ය විදියට e-mail, Internet සහ
office වැනි මෘදුකාංග පමණක් භාවිතා කරන කෙනෙකුට නම් celerone ප්‍රොසෙසරයක් සහිත උනත් කමක් නෑ.ඒත් ඊට වඩා වැඩි අවශ්‍යතාවයන් ‍
වෙනුවෙන් උදාහරණ විදියට කියනවානම් බහුමාධ්‍ය ,ත්‍රිමාණ සජීවීකරණ වැනි වඩාත් වැඩි ධාරිතාවක් සහිත මෘදුකාංග භාවිතා කිරීමට අවශ්‍යනම් වඩාත් වැඩි මතකයක්
සහ වඩාත් වැඩි වේගයක් සහිත (උදා.Intel Core2duo,core2quad වැනි) processor එකක් සහ වැඩි මතකයක් සහිත (3GB)එකක්
තෝරා ගැනීම වඩාත් සුදුසුයි.මීට අමතරව තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට අවශ්‍ය ධාරිතාව සහිත හාඩ් ඩිසක් එකක් සහ display එකෙහි ප්‍රමාණය ඔබ තීරණය
යුතුයි.
කොහොම උනත් මම නම් ගන්න කෙනෙකුට අනුමත කරන්නේ Toshiba තමයි.වැඩි මුදලක් වියදම් කරන්න පුලුවන්නම් Sony එකක් ගන්න එක තමයි වඩා
හොද.නමුත් මම පොදුවේ කිව්වේ මිල ටිකක් ඉහල උනාට Toshiba හොදටම හොදයි.(හැබැයි මහ ලොකුවට කයිය ගැහුවට මම පාවිච්චි කරන්නෙත් Acer
එකක් .ඒකත් AMD Processor එකක් තියෙන්නේ.හැබැයි කියන්න තරම් වරදක් නෑ.කොහොමත් celerone එකට වඩා AMD ප්‍රොසෙසර් එක හොදයි)
Toshiba එකත් Intell Pentium processor එකක් තියෙන එක ගන්න.
ඉතින් මම දන්න දේ ඔන්න ලිව්වා.මේක දල අදහසක් විතරයි.ඔයා‍ල‍ගේ අදහසත් මට කියන්නකෝ

3 comments: