Friday, April 9, 2010

නොමිලේ Original Anti Virus

අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ වයිරස්.ඒවිතරක් නෙමෙයි දත්ත හුවමාරුවට බාව්තා කරන මාධ්‍ය වලිනුත් බහුලව මේ වයිරස් පැතිරෙනවා.ගොඩක් දෙනෙක්ට ඉතින් සල්ලි දීල ඇන්ටි වයිරස් ගන්නත් ටිකක් අමාරුයිනේ.මමත් ඉතින්නොමිලේ දෙන නොයෙකුත් ඇන්ටි වයිරස් භාවිතා කරල බැලුවා.හැබැයි ඉතින් ප්‍රතිපලේ නම් සාර්තක නෑ.හැම එකේම මොනව හරි කොස්සක් තියනවා.ඉතින් ‍ජාලය තුලින්ම මේකට විසදුමක් තියෙයිද කියල මම හෙව්වා.ඔය අතරේ මම දැනට සේවය කරන සවුදි අරාබියෙ අය බහුලව භාවිතා කරන Kaspersky anti virus ගැනත් මම ටිකක් හොයල බැලුවා.මට තේරුන විදියට නම් ඒක ‍හොද ඇන්ටි වයිරස් එකක්.ඉතින් ජාලයේ ටිකක් හොයල බැලුවා සල්ලි වියදම් නොකර නොමිලේ ‍මේක බාගත ක‍රගන්න බැරිවෙයිද කියල.මම හොයල බැලුවේ crack එකක් වගේ හොයාගන්න පුලුවන‍් වෙයිද කියලයි.හැබැයි ඉතින් ගොඩක් ඒවා තිබුනත් සාරථක නම් නෑ.ඔය අතරේ එක බ්ලොග් එකක තිබුන මේකට හොද විසදුමක්.ගොඩක් දෙනෙක් දැනටමත් මේක දැකලත් ඇති.මමත් ඉතින් නිකන් දෙන එකනේ කියල මේක අත්හදා බැලුවා.වැඩේ සාර්ථකයි.මොකද මේක china msn එකෙන් kaspersky lab එකත් එක්ක එකතු‍ වෙලා ලබා දෙන අවස්ථාවක්.ඔබට මාස 6ක කාලයක් මේක බාවිතා කරන්න පුලුවන්.හැබැයි ඉතින් මේ සදහා ඔබට hotmail account එකක් තියෙන්න ඕනෙ.ඔබට දැනට එකක් නැත්නම් hotmail account එකක් සකසා ගන්න.මේ ගැන සියලු විස්තර පහත දැක්වෙන බ්ලොග් අඩවියට පිවිසිමෙන් ඔබට බලා ගන්න පුලුවන් http://www.renjusblog.com/2009/08/free-kaspersky-antivirus-2010-license.html ඒ විතරක් නෙමෙයි McAfee Antivirus 2010 ,norton antivirus 2010 නොමිලේ ලබා ගන්න හැටි මෙහි සටහන් වෙනවා.ඔබත් උත්සහ කරලා බලන්න.ඔබ‍ගේ අදහස් ම‍ට දන්වනවානම් ගොඩක් අගේ කරනවා.ඒ වගේම හමෙහිදි යම්කිසි ගැටලුවක් ආවොත් එයත් මට දන්වනවා නම් මගේ අත්දැකීමෙන් ඒ සදහා මට උපදෙසක් දෙන්නත් පුලුවන්.ඉතින් ඔබත් උත්සහ කරලා බලන්නකෝ

No comments:

Post a Comment