Thursday, April 15, 2010

ඔබ දන්න‍වාද Driver Genius Professional ගැන

මම දැන් කියන්න ය‍න්නේ තවත් ප්‍රයෝජනවත් software එකක් ගැනයි.මමනම් පාවිචිචි කරන්නේ මේකෙ පරන වර්ශන් එකක්.මම මේක ගැන දැන ගත්තෙත් saudi arabia වල සේවයට ආවට පස්සෙ තමයි.සමහර විට මේක ගැන ගොඩක් දෙනෙක් දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනේ ඒ අයට දැනගන්නත් එක්ක මම මේක ගැන කියන්නම්කෝ.
මේක ප්‍රයෝජනවත් වෙන්නේ ඔයාලගේ පරිඝනකය ‍‍ෆෝමැට් කරන අවස්ථාවෙදි තමයි.ඔබගේ පරිඝනකයේ මදර්බෝඩ් CD එකක් නොමැති නම් ෆෝමැට් කිරීමෙන් පසු ඔබට විශාල ගැටලුවකට ‍මුහුන දෙන්න වෙන‍වා.පරිඝනකයේ නියම ක්‍රියාකාරිත්වයට සියලුම උපාංග වල ඩ්‍රයිවර් නිසියාකාරව ඉන්‍ස්ටෝල් කර තිබිය යුතුය්.ඉතින් ඔබ සතුව driver cd එකක් නැත්නම් මේ මම කියන මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත්.මෙමගින් ඔබට ඔබගේ pc එකෙහි ඇති සියලුම hardware වල backup එකක් ලබා ගන්න පුලුවන්.එක වරක් මෙය backup කර ගත් පසු ඔබට එය පරිඝනකය format කරන සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගත හැකිය.ඔබගේ පරිඝනකය නිසියාකාරව ක්‍රියාත්මක වන අවස්ථාවක මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අදාල driver , backup කර ගන්න.අන්තර්ජාලය තුලින්ම ඔබට මෙය නොමිලේ බාගත කර ගත හැකිය download.cnet.com/Driver-Genius-Professional-Edition.../3000-2094_4-10238646.html යන ලින්ක් එක හරහාද ඔබට මෙය බාගත කර ගත හැකිය. බොහෝ දුරට මෙය ‍නිසියාකාරව ක්‍රියාත්මක වන අතර සමහර අවස්තාවලදී driver 1-2 ක් ක්‍රියාත්මක නොවන අවස්තාද ඇත.එහෙත් පොදුවේ ගත් කල මෙය ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයකි.

2 comments:

  1. thanks for giving such information.

    disable the word verification of the comments.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි.මේක නම් හරි වැදගත්.
    තව දෙයක් කියන්න ඕන ඔයා ලියපු Blogs ගොඩක් වැදගත්.දන්නැති දේවල් ගොඩක් ඉගෙනගත්තා.

    ReplyDelete